පුත්තලම යටවෙයි… පාසල් වසාදමයි…

පුත්තලම යටවෙයි… පාසල් වසාදමයි…

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් වයඹ අධ්‍යාපන බළධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර මේ වනවිට වාර්තා වන්නේ මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5,000ක පුද්ගයන් 19,128ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බවය.

18 දින රාත්‍රියේ සිට 19 අලුයම දක්වා ඇද හැළුන මහ වැසිත් සමග මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මුන්දලම, පුත්තලම, හලාවත, ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් වසම් වල මෙලෙස පවුල් 4769 ක පුද්ගලයින් 19128ක පිරිසක් මෙසේ පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි හේරත් පවසයි.

මෙසේ පිඩාවට පත්වු පිරිස්වලින් පවුල් 340ක පුද්ගලයින් 1,140ක සංඛ්‍යාවක් ආරක්ෂීත ස්ථාන හතරක රදවා ඇති බවත් අවශ්‍ය පිරිස් වෙත පිසු ආහාර ලබා දීමටද මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අනිකුත් රාජ්‍ය නිළධාරීන් සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තා වේ.

මහ වැසිත් සමග ගලා ආ ජලය ඇතැම් නිවාවල අඩි දෙකකට ආසන්නව පිරී තිබු බවත් මෙයින් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයේ බවත් එහි ග්‍රාම නිළධාරී වසම් 11ක පවුල් 4,582ක පුද්ගල‍ෙන් 18,497ක පිරිසක් සිටින බවත් දිස්ත්‍රික් ලේකම් පවසයි.

Facebook
Twitter
LinkedIn