ඉංජිනේරුවරු රට හැරයාම තුන් ගුණයකින් වැඩි විලා…

ඉංජිනේරුවරු රට හැරයාම තුන් ගුණයකින් වැඩි විලා…

ඉංජිනේරුවන් රට හැර යෑම පෙර වසරවලට වඩා මේ වර්ෂයේ තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ හිටපු සහකාර ලේකම් වරලත් ඉංජිනේරු දමිත් දිසානායක සඳහන් කරයි.

විශේෂයෙන්ම ගතවූ වසර දෙක තුළ මෙරට ඉංජිනේරුවන් 5,000ක් පමණ රට හැර ගොස් ඇතැයිද රට හැරගිය සමස්ත වෘත්තකයන් අතරින් 40% පමණ පිරිස ඉංජිනේරුවන් වන බවද ඔහු සඳහන් කරයි.

මේ හේතුවෙන් මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ පුරප්පාඩු රැසක් පවතින බවත් අත්දැකීම් සහිත පිරිස මෙම ක්ෂේත්‍රය තුළ අද නොමැති වීම බරපතළ තත්වයක් බවත් පෙන්වා දෙන ඔහු මෙරටදී ඉංජිනේරු ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන්ට ලබා දෙන වැටුප ඉතාමත් පහළ මට්ටමක පවතින බැවින් මෙම පිරිස ඉහළ ජීවන තත්වයක් ළඟා කර ගැනීම සඳහා මේ අයුරින් විදේශගත වීමට තීන්දු කර ඇති බවත් පවසයි.

මේ අවස්ථාවේදී හෝ වැටුප් වැඩිකිරීම සම්බන්ධව රජය සාධනීය පියවරක් නොගතහොත් ක්ෂේත්‍රයේ නිරත වී සිටින ඉතිරි ඉංජිනේරුවන් පිරිසද රට හැර යෑම වැළැක්විය නොහැකි බව වරලත් ඉංජිනේරු දමිත් දිසානායක වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn