ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් සමඟ හදිසි දුරකතන සාකච්ඡාවක් කර ඇති බවත්, එහිදී ඇමරිකාව පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට සහතික වී ඇති බවත් වාර්තා වේ.
මෙම හදිසි ඇමතුම පිළිබඳව අද (11) පුවත්පත්වල විවිධ සිරස්තල යටතේ ප්‍රවෘත්ති පළ කර තිබේ. එහෙත් මේ ලෙස හදිසි දුරකතන සාකච්ඡාවක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළම ආරක්ෂක නිලධාරියා සමඟ පැවැත්වීම සරළ දේශපාලන සංසිද්ධියක් නොවන බවට විශ්ලේෂකයන් මත පළ කර තිබේ. ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ දැඩි ප්‍රයත්නයක් දැරීමෙන් පසුව ඇමරිකා ආරක්ෂක උපදේශක සමඟ සාගල රත්නායකට සකාච්ඡා කිරීමේ අවස්ථාව සලසා දී ඇති බව අනාවරණය වේ.
1,136










