පොලිස් සැරයන්ගේ පුතාට පොලිසියෙන් දරුණු සැත්කමක් කරලා

පොලිස් සැරයන්ගේ පුතාට පොලිසියෙන් දරුණු සැත්කමක් කරලා

මැදවච්චිය තුලාවෙල්ලිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු හට පොලිසියෙන් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබීමෙන් ඔහුගේ සිරුරේ කොටසක් ඉවත් කිරීමේ සැත්කමක් අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කර ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

දරුණු පොලිස් ප්‍රහාරයට ලක්වී සැත්කමට භාජනය වූ තරුණයාගේ පියා පොලිස් සැරයන්වරයෙකු බව ද, එම තරුණයා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් එය හඹා ආ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මග හරස් කරමින් තරුණයාගේ අතපය ගැට ගසා පැහැර ගෙන ගොස් ඇති බව මේ වනවිට හෙළිවී තිබේ.ඉන් පසුව පොලිස් නිලධාරීන් 6 දෙනෙකු විසින් සිදු කළ අමානුෂික පහර දීම හේතුවෙන් එම බරපතළ සැත්කම සිදු කිරීමට හේතු වී තිබේ. මෙම පහරදීම පසුගිය 07 වෙනිදා සිදු කර ඇති බවට වැඩි දුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්