රටේ පවතින ආර්ථික තත්වය මත මෙරට ඉන්ධන පරිභෝජනය 50%කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පවසයි.
සියලුම ඉන්ධන වර්ග හිඟයකින් තොරව රට තුළ පවතින බවත් මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දෛනිකව පෙට්‍රල් පරිභෝජනය වන්නේ බැරල් 28,000ක් පමණ බවත් ඔහු සඳහන් කරයි.
මෙම කාරණය සම්බන්ධයෙන් විශ්ලේෂකයින් පවසන්නේ පසුගිය 2019 වසරට සාපේක්ෂව 2020 දී ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ඉල්ලුමට සාපේක්ෂව ආනයනය 24.4%කින් පමණ හැකිලීමකට ලක්විමත්, විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාමත් එම ඉහළයාමට සාපේක්ෂව පහළ යාම ඉතා සුලු වශයෙන් සිදුවීමත් මත ජනතාව ඉනධන පරිභෝජනය සිදු කරන්නේ ඉතා අඩු වශයෙන් පමණක් බවය.
145









