සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව මුලුමනින් ම පැත්තකට දමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආර්ථික උපදේශකයෙකු වන ආචාර්ය සුර්දීෂ් ඇතුළු පිරිසක් සහභාගී කර ගෙන ඊයේ (07) සමගි බුද්ධි මණ්ඩපය නමින් වෙනම ව්‍යෘපෘතියක් දියත් කර ඇති බව වාර්තා වේ.
එම ප්‍රචාරක ව්‍යාපෘතිය රට ගොඩ නගන නුවණ යනුවෙන් නම් කර ඇතැයි ද, දින දෙකකට පෙර සමගි ජන බලවේගය සමඟ ගිවිසුම් ගත වූ ජී. එල්. පීරිස් එම ප්‍රචාරක ව්‍යාපෘතියේ ප්‍රධාන දේශකයෙකු ලෙස සිට ඇති බව ද ආචාර්ය නාලක ගොඩහේවා එහි විශාල කාර්යභාරයක් සිදු කරන බවද තව දුරටත් වාර්තා වේ.
එම පක්ෂයේ ආර්ථික කමිටුව ලෙස මේ දක්වා හඳුන්වන ලද එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් හෝ ආචාර්ය හර්ෂ ද සිල්වා යන තිදෙනාගෙන් කිසිවෙකුත් නව ප්‍රචාරක ව්‍යාපෘතියට සම්බන්ධ කර ගෙන නැති බව අනාවරණය වේ. සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සමීපතමයන්ගේ මෙවැනි ක්‍රියා කළාපයන් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල මෙන් ම එම පක්ෂයේ තිස්ස අත්තනායක ද මෑත දී කරුණු දක්වා තිබිණි.










