ජීවන්ගේ මුට්ටිය රනිල් අතට ගනී

පසුගිය කොවිඩ් වසංගතය සමයේ මියගිය ඉස්ලාම් භක්තියන්ගේ සිරුරු එම ආගමික චාරිත්‍රානුකූලව මිහිදන් නොකර ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමේ කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන්නේ යැයි ජීවන් තොන්ඩමන් ඇමතිවරයා කළ ප්‍රකාශය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් අත්පත් කර ගෙන තිබේ.

මේ බව හෙළි වන්නේ ඊයේ (07) මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කර තිබෙන ප්‍රකාශයකින් ය. ඔහු එහිදී සඳහන් කර තිබෙන්නේ “මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීඹට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන“ බව ය.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රචාරක ව්‍යාපෘති දියත් කර තිබෙන රනිල් වික්‍රමසිංහ මේ අවස්ථාවේදී ද කමිටුවක් පත් කරන බව ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්