රනිල්ගේ කොමිසමක් අතුරුදහන්

රනිල්ගේ කොමිසමක් අතුරුදහන්

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාව මගින් විසිරුවා හරින ලද පාස්කු ප්‍රහාරය සම්බන්ධ වැඩ සටහනෙන් මතු කර තිබූ වැදගත් කරුණු පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කමිටුව අතුරුදහන් වී ඇත.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. එහි වාර්තාව 2023 ඔක්තෝබර් 31 වෙනි දිනට පෙර ලබා දීමට නියමිතව තිබිණි

නමුත් එම වාර්තාව ලබා දුන් බව හෝ චැනල් 4 වැඩ සටහනින් ඉස්මතු කළ කරුණු විමර්ශනය කිරීම්වල ප්‍රගතිය හෝ කිසිවක් මේ දක්වා නිල වශයෙන් හෙළි කර නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්