අවුරුදු ගිනි ඇවිලෙයි

අවුරුදු ගිනි ඇවිලෙයි

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිල දත්ත අනුව මූලික අවශ්‍යතා වෙනුවෙන් එක් පුද්ගලයෙකුට යන වියදම රුපියල් 17,014ක් දක්වා ඉහළ ගොස් තිබෙන වටපිටාවක මෙවර අලුත් අවුරුදු සරු බව ආණ්ඩුව විවිධ ප්‍රචාර ගෙනයමින් තිබුණද පවතින යථාර්ථය පිලිබඳව තොරතුරු හෙළි වෙමින් පවතී.

රජයේ රූපවාහිනී මාධ්‍ය හැරුනුකොට අද (07) සිළුමිණ පුවත්පත “කිරි ඉතිරෙන නව වසරේ පිරි ඉතිරිරෙන කොළඹ රෙදි කඩ” යන සිරස්තලයෙන් ලිපියක් පල කර තිබේ. එහෙත් දිවයින පුවත්පත පිටු කිහිපයක් පුරා පවතින යථාර්ථය ගවේශනාත්මකව සටහන් කර ඇත. එම පුවත්පතේ පල කර තිබෙන ලිපි පිළිබඳ විස්තර මෙසේය.

  1. “උන්ට අවුරුදු අපට වැටි බදු” යනුවෙන් 04වෙනි පිටුවේ ලිපියක් පල කර ඇත.
  2. “අවුරුදු කාලෙටම හිටු කියලා නගින සහල් – බඩු හංගලා ගාන අරින මෝල් කාරයෝ හා කූට වෙළෙන්දෝ” යනුවෙන් 06 වෙනි පිටුවේ ලිපියක් පල කර තිබේ.
  3. “අවුරුදු සිරි හරියටම පේන පිටකොටුවේ වේලෙන බිස්නස් – පස්දෙනෙක් ඉන්න ගෙදරක ඇඳුමක් ගන්නේ පොඩිම එකාට විතරයි – රටින් හතරෙන් එකක් අවුරුදු කන පළමු අවුරුද්ද – අනිතම දවසේවත් බිස්නස් එකක් වුනොත් තමයි.” යන සිරස්තල සහ අනු සිරස්තල යටතේ 10වෙනි පිටුවේ ලිපියක් පල කර තිබේ.
  4. “කඩවල බඩු තිබුණාට ඒවා ගන්න සල්ලි නෑ – රෙදි පිළි හා රසකැවිලි වෙලඳාම පසුගිය අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙම අවුරුදු සමයේ 40%කින් පහළ වැටිලා” යනුවෙන් 15වෙනි පිටුවේ ලිපියක් පල කර තිබේ.

ඊට අමතරව ලංකාදීප ඉරිදා පුවත් පතේ පල කර තිබූ ප්‍රවෘත්ති කිහිපයක් මෙසේය

  1. “දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57කට නැගලා – ලෝක බැංකුව කියයි”
  2. “එකේ පන්තියටත් 40,000ක් අඩුවෙලා”
  3. “බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ – හොර සමාගම්වලිනුත් කෝටි 30ක පොල්ලක්”
  4. “අප්‍රේල් 12 වෙනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි”
Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්