රනිල්ගේ සහනයෙන් විමල් නිදහස්

රනිල්ගේ සහනයෙන් විමල් නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදි 2015 වසරේ දිනක විදේශ ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයේ පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.

ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී 2015.10.23 දින අළුයම 2.00ට පමණ විදේශගත වීමට පැමිණි අවස්ථාවකය.

එම අවස්ථාවේ අධිකරණයෙන් ඇප ලබාගත්තේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ මාර්ගයෙන් ආගමන විගමන නිළධාරීන් දැනුවත් කිරීමෙන් බවත් එය සම්බන්ධීකරණය කළේ තමන් හා මන්ත්‍රී ජයනත් වීරසේකර එවකට ඇමති ලක්මන් කිරිඇල්ල සමග බවත් මන්ත්‍රී උදයගම්මන් පිල එකල මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර තිබිණි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ,

“ඉතාම වගකීමෙන් කියනවා මේ පාස්පෝට් සිද්ධියෙදි, ඒ සිද්ධිය ගැන කියන්න පුද්ගලයත් මමයි. එ් සිද්ධිය ගැන හොඳින්ම දන්න කෙනා මමයි. මොකද්ද සිද්ධ වුනේ? විමල් වීරවංස මන්ත්‍රීතුමා ගුවන්තොටුපොළට ගිහින් ඉඳිද්දී ඔහුට යන්න දෙන්නේ නැතුව රඳවගෙන ඉන්නවාය කියලා එතුමා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා. එතකොට මම පාර්ලිමේන්තුවට ඇතුල්වෙමින් හිටියේ. මම වහාම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී තුමාට ගිහිල්ලා මේ තත්වය පැහැදිළි කළා. ඔහුට යන්න දෙන්න. ඔහු ගිහිල්ලා ආවට පස්සේ ඔබට තියෙන ඕනම ප්‍රශ්න කිරීමක් කරන්න. කියන ඉල්ලීම කළා. ඒ අවස්ථාවේ අගමැති තුමා කිව්වා, ඔව් මන්ත්‍රීතුමා පිටරට ගියත් පැනලා යන එකක් නැහැ. ආය ලංකාවට ඒවි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා අපි එතුමට ඒ ගමන යාමට අවශ්‍ය පසුබිම සකස් කරන්න කටයුතු කරනවා කියලා. පොරොන්දු වෙලා ඒ කටයුත්ත ඉටු කිරීම සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාට බාර කළා. මේ පැත්තෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මට බාර කළා ලක්ෂ්මන් ක්‍රිරිඇල්ල මන්ත්‍රීතුමත් එක්ක සම්බන්ධීකරණය.

මමයි ජයන්ත සමරවීර මන්ත්‍රීතුමයි ගිහිල්ලා ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාව හමුවුනා. ඇමති තුමා ඒ වෙලාවේ ආගමන විගමන පාලක තුමාට කතා කරලා කිව්වා, අගමැතිතුමා දැනුම්දෙන්න කිව්වා, විමල් වීරවංස මන්ත්‍රීතුමාට අදාළ ගමණ යන්න දෙන්න. ඔහු ආවට පස්සේ අදාල ප්‍රශ්න කිරීම් කරන්න මොකද එතුමා පැනලා යන්නේ නැහැ ආපහු එනවා කියලා. ඒ අනුව තමයි විමල් විරවංස මන්ත්‍රීතුමාව උසාවියට ඉදිරිපත් කළා. උසාවියෙන් ඒ වෙලාවෙම ඇප දුන්නා.” යනුවෙනි.

කෙසේ වෙතත් දීර්ඝ කාලයක් පැවති නඩුවෙන් පසු ඉදිරිපත් වූ කරුණු මත චූදිත මන්ත්‍රී විමල් විරවංස වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ගේ ඉල්ලීම් සලකා බලමින් මීගමුව මහේස්ත්‍රාත්වරයා ඔහු එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්