ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව යනුවෙන් නම් කරමින් ජනාධිපති කාර්යාලයට පාසල් සිසු සිසුවියන් ගෙන්වා ගෙන පවත්වන ලද වැඩ සටහනේ සහතික පත්‍ර ප්‍රධානය කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායකට පමණක් පවරන ලද්දේ කුමක් නිසා දැයි සැක මතුවී තිබේ.
විවිධ ඉසව් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ බලතල යොදවා ක්‍රියාත්මක කරමින් යන අතර “ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව” යනුවෙන් හැඳින්වූ ප්‍රචාරක ව්‍යාපෘතියේ පළමු සභාවාරය වෙනුවෙන් පාසල් සිසු සිසුවියන් ජනාධිපති කාර්යාලයට කැඳවා ගෙන තිබිණි. මාර්තු 27 වෙනි දින එම ශිෂ්‍ය පාර්ලිමේන්තු සභා වාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දීර්ඝ කතාවක් කර ඇති අතර සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගී වී නැත.
විශේෂයෙන් ම කලාකරුවන් දේශපාලඥයන් අතින් සම්මාන සහ සහතික ලබා ගැනීම් ප්‍රතික්ෂේප කරන අවස්ථා මෑත කාලයේ බහුලව දකින්නට ලැබිණි. මෙම පාසල් සිසු සිසුවියන් ද ජනාධිපති අතින් සහතික පත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇතැයි තිබුණු සැකයක් මත ජනාධිපති ලේකම් පමණක් එම අවස්ථාවට සහභාගී කරවා ඇති බව පැහැදිලි වේ.










