දමිතාගේ අපේක්ෂිත ඇප අයදුම ප්‍රතික්ෂේප කරයි

දමිතාගේ අපේක්ෂිත ඇප අයදුම ප්‍රතික්ෂේප කරයි

තමන්ව අත්අඩංගුවට ගැනීමට යන්නේ යැයි සඳහන් කරමින් රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ගොනු කළ අපේක්ෂිත ඇප අයඳුම කොළඹ, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔවුන් ඇප ඉල්ලමින් පවසා ඇත්තේ, කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති බවය.

දමිතා අබේරත්න පැමිණිල්ලට සහය නොදී විමර්ශන මග හැර සිටීම සහ අගාමික විගාමික පනතේ 45(ඈ) වගන්තිය ප්‍රකාරව කරුණු වාර්තා කිරීම හේතුවෙන් පෙත්සම්කරුවන්ට ඇපදීමට බලයක් නොමැති බව කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට චෝදනා එල්ල වී ඇත්තේ පුද්ගලයින් විදෙස් ගත කරන බව පවසමින් සිදු කළ මුල්‍ය වංචා, වහාන සහ දේපල වංචා සම්බන්ධයෙනි.

රංගන ශිල්පී දමිතා අබේරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කලා කටයුතු සහ කලා කරුවන් සම්බන්ධී කරණය කිරීම පිලිබඳව කටයුතු කරන අතර සමගි ජන බලවේගයේ රැස්වීම්වල ප්‍රධාන පෙලේ කථිකයෙකි.

Facebook
Twitter
LinkedIn