ජොන්ස්ටන්ගේ පෞද්ගලික ලේකම් 21 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

ජොන්ස්ටන් ප්‍රනාන්දු සමුපකාර ඇමති ධුරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු මෙන්ම සතොස ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වු මොහොමඩ් සාකීර් ලබන 21 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සමුපකාර ව්‍යපාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් 2011 වසරේ පැවති උත්සවයකට සමුපකාර සංවර්ධන අරමුදලෙන් වෙන් කරන ලද මුදලින් රුපියල් ලක්ෂ 19ක් සාවද්‍ය පරිමරණයට කූඨ ලේඛන සැකසු බවට මොහොමඩ් සාකීර්ට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව ඔහු අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදි ඔහු ලබන 21 වනදා තෙක් රක්ෂිබත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn