පසුගිය වසරේදි වෙඩි ප්රහාරයකින් මියගිය විදානගමගේ අරුණ ප්රියන්ත නොහොත් “මිද්දෙණියේ කජ්ජා” නැමැත්තාගේ පුතා විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමග තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගිනි අවිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ආත්ත් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීය.
මොහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත්තේ, විදේශීය රටක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් වර්ගයේ බෝර 12 ගිනි අවියක් බව පැවසේ.
අදාල ගිනි අවිය වීරකැටිය, යග්ගස්මුල්ල ප්රදේශයේ නිවසක සඟවා තිබියදී සැකකරු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරු තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.






