ශිරන්තිට, නාමල්ට, යෝෂිතට නඩු හතරයි… අද අධිකරණයට…

ශිරන්තිට, නාමල්ට, යෝෂිතට නඩු හතරයි… අද අධිකරණයට…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හා පුතුන් දෙදෙනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් යෝෂිත රාජපක්ෂත් අද (13) අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩු තුනකට අදාළවය.

ඒ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් “සිරිලිය සවිය” සංවිධානයේ ගිණුමකට බැර කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ ශිරන්ති රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ යළි කැඳවා තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති ක්‍රිෂ් සමාගම සම්බන්ධ නඩුවද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අද යළි කැඳවා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ සැකකරුවකු ලෙස නම් කර සිටින නාමල් රාජපක්ෂට එරෙහි එම නඩුවේ ඇප ඉල්ලීමද අද (13) අලුත්කඩේ මහේස්ත්‍රා ඉදිරියේ සලකා බැලීමට නියමිතය.

වෙනවා.

එම නඩුවට ඔහු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

මෙම නඩුවලට අමතරව නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව නාවික හමුදා විධායක ශිෂ්‍යභට නිලධාරියකු ලෙස බඳවාගෙන රජයට පාඩු කළ බවට චෝදනා කර යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවද අද (13) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn