රුපියල් මිලියන 1,843.3ක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම තුළින් රජයට රුපියල් කෝටි 100ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු ගොනු කර තිබේ.
ශ්‍රීසියේ මූල්‍ය අර්බුදය පැවති 2012 වසරේ ග්‍රීසියේ රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනවලින් පසු අදාළ කරුණු අනාවරණය කරගෙන ඇතැයිද වාර්තා වේ.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අවසන් කිරීමෙන් පසු එම කොමිසම අජිත් නිවාඩ් කබ්රාල්, ධර්මසේන ධීරසිංහ, වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන සහ කරුණාරත්න යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇත.










