අධිවේගී මාර්ග සියල්ල කොම්පැනියකට

අධිවේගී මාර්ග සියල්ල කොම්පැනියකට

මෙරට තුළ ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග ජාලය සහ එම මාර්ගවලට අයත් ඉඩම් සියල්ලම වාණිජ අරමුණින් යොදවා ගැනීම සඳහා වෙනම ම සමාගමකට පවරාදීමේ තීරණයක් ඇමති මණ්ඩලය විසින් ගෙන ඇත.

මෙම තීරණය ගනු ලැබුවේ 2023 ජූනි 26 සහ 2024 පෙබරවාරි 05 යන දිනවලදී අනුමත කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අනුව යමින් බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යනුවෙන් හඳුන්වන සමාගම වෙත අප්‍රේල් මස 01 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පවරාදීමට කටයුතු කර ඇත.

එමෙන් ම, නීතිමය සහ මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසුව අධිවේගී මාර්ග සම්බන්ධ සියලු වත්කම් සහ ඉඩම් මාස 06ක කාලයක් ඇතුලත මෙම සමාගමට පවරාදීමට ද පසුගිය 26 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මෙම කැබිනට් සන්දේශය ඉදිරිපත් කර තිබේ. අධිවේගී මාර්ග ජාලය මෙම පුද්ගලික සමාගමට පවරාදීමට පෙර මෙහි සේවා කටයුතු සඳහා යොදවා සිටි විශේෂ කාර්ය බලකාය ඉවත් කර රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන්ට්ගාඩ් සමාගම වෙත පවරා දෙනු ලැබීය.

Facebook
Twitter
LinkedIn