ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායම පසුගිය 07 වෙනි දින සිට 21 වෙනි දින දක්වා සති දෙකක් මෙරට සිදු කළ සංචාරය පදනම් කර ගනිමින් ආණ්ඩුවට ඉදිරිපත් කළ කොන්දේසි 16 මේ දක්වා ප්‍රසිද්ධියට පත් කර නැත.
මූල්‍ය අරමුදලෙන් කොටස් වශයෙන් ලබා දෙන ඩොලර් මිලියන 2,900 ණය මුදලේ තුන්වන වාරිකය නිදහස් කිරීම සඳහා මෙම කොන්දේසි 16 පනවා ඇති බව නිවේදනය කර තිබිණි. එය 14ක් ඉතා ඉක්මනින් සිදු කළ යුතු අතර කොන්දේසි 02ක් ක්‍රමික වර්ධනයන් සහිතව සිදු කළ යුතු බව ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල යන දෙපාර්ශවයම හෙළි කර තිබිණි.
එහෙත්, මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ආණ්ඩුව අදාළ කොන්දේසි මොනවා දැයි කිසිවක් හෙළිකර නැත.
461










