ගෝටා අධිකරණයේ පිහිට පැතීමට සූදානම්!

ගෝටා අධිකරණයේ පිහිට පැතීමට සූදානම්!

ගෝටාබය රාජපක්ෂගේ නමින් නිකුත් කර තිබෙන “කුමන්ත්‍රණය” නම් ලියවිල්ල සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට සූදානම් වන බව වාර්තා වේ.

මෙම ලියවිල්ල අතිශය විශ්වාසවන්ත පුද්ගලයන් කිහිප දෙනෙකු හරහා විශ්වාසවන්තම මුද්‍රණාලයකින් මුද්‍රණය කරවා ගත් බව වාර්තා වේ. එසේ තිබියදී එහි පීඩීඑෆ් පිටපත සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මෙන් ම එහි කරුණු බාහිර පුද්ගලයන් විසින් විකෘති කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඉල්ලා සිටීමට ද සූදානම්ව සිටී.

නමුත් මේ වනවිටත් ගෝටාබය රාජපක්ෂගේ සමීපතමයන්ගේ මතය වී ඇත්තේ එවැනි අධිකරණමය හෝ වෙනත් නීති කටයුතු කෙරෙහි යොමුවීම අනවශ්‍ය බව ය. මේ වනවිට කුමන්ත්‍රණය ලියවිල්ලේ දෙවෙනි මුද්‍රණයත් සූදානම් කර ඇතැයි ප්‍රචාරය කළ ද අති විශාල පිරිසක් අන්තර්ජාලයෙන් කියවීමට යොමුවී ඇත.

Facebook
Twitter
LinkedIn