ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේදී විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් හට සාකච්ඡා කිරීමේ අවස්ථාව ලබා දී ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ව්‍යාජයක් බව මේ වනවිට හෙළි වී තිබේ.
ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සමග මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද (14) පැවැත්වූ සාකච්ඡාවේදී විපක්ෂයේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට තමන්ගෙන් ඉල්ලීමක් ආණ්ඩුව විසින් සිදු නොකළ බව අවධාරණය කර තිබිණි. එහෙත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිල ආරාධනයේ දක්වා තිබෙන්නේ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්‌ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන්ට අවස්ථාව” යනුවෙනි.
එහෙත් මෙම සාකච්ඡාවට ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්ධිරන් පමණක් සහභාගී විය. පසුව හෙළි වූයේ එම සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහභාගී නොවූ බවය.










