රනිල් අපිට සාකච්ඡාවකට ආරාධනා කළේ නැහැ – IMF නියෝජිතයෝ මාලිමාවේ නායකයින්ට කියති

රනිල් අපිට සාකච්ඡාවකට ආරාධනා කළේ නැහැ – IMF නියෝජිතයෝ මාලිමාවේ නායකයින්ට කියති

පසුගිය 11 වනදා පවත්වන සාකච්ඡාවක් සඳහා තමන්ට ශ්‍රී ලංකා රජයෙන් ආරාධනාවක් නොපැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පැවසූ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි.

එම කරුණ අනාවරණය කර ඇත්තේ අද පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදීය.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව අවධාරණය කළ අතර එහිදී ඔහු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

“පහුගිය දවස්වල ජනාධිපතිවරයා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට කතා කරලා තිබුණා මේ IMF එකේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරන්න එන්න කියලා. ඔවුන් නිරන්තරයෙන් කිව්වේ IMF එකත් එක්ක රජයේ මැදිහත්වීමෙන් සාකච්ඡා කරන්න එන්න කියලා. හැබැයි අපි IMF නියෝජිතයන්ගෙන් අහලා බැලුවා, ඇයි එදා සාකච්ඡාවට IMF නියෝජිතයෝ සහභාගී වුනේ නැත්තේ කියලා. එතකොට පීටර් බෘෘවර් මහත්තයා ඇතුළු කන්ඩායම කිව්වේ, අපිට එහෙම ආරාධනාවක් කරලා තිබුණේ නැහැ කියලා. සුමන්ධිරන් මන්ත්‍රීවරයා විතරක් සහභාගී වෙච්ච රැස්වීමට IMF නියෝජිතයෝ කාටවත් එන්න කියලා නැහැ. හැබැය මුළු රටේම ජනතාවට කිව්වේ, ජනාධිපතිවරයා මැදිහත්වෙලා IMF නියෝජිතයන් එක්ක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සූදානම් කරනවයි කියලා. නමුත් එහෙම කිසිවක් ඔවුන්ට දැනුම්දීලත් නැහැ. ඒ නිසා රටටත් සම්පූර්ණ බොරුවක් කළා. මාධ්‍ය හරහා රටේ ජනතාව අන්දන වැඩක් මේ කළේ.”

Facebook
Twitter
LinkedIn