මාලිමාවේ වැට් විරෝධි සටනට ජනතාව රොද බඳී

මාලිමාවේ වැට් විරෝධි සටනට ජනතාව රොද බඳී

අසීමිත ලෙස ජනතාව මත තව දුරටත් බදු බර පටවමින් ඉහළ දමන ලද වැට් බදුවලට එරෙහිව ජාතික ජන බලවේගය ආරම්භ කරන ලද විරෝධතා මාලාව ඊයේ (05) රාජගිරියෙන් ආරම්භ කරනු ලැබීය.

එම විරෝධතාවයට විශාල පිරිසක් සහභාගී වී සිටිය හ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ රැසකට අලුතින්ම වැට් බදු පනවා ඇති අතර එය 18%ක් වූ ඉහළම අගයකි. පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත්වල සිට ආහාර ද්‍රව්‍යද රසායනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම්ද දක්වා පරාසයක භාණ්ඩ හා සේවා සඳහා මෙම වැට් අනුපාතය අලුතින් පනවනු ලැබීය.

එයට එරෙහිව ප්‍රාදේශීය වශයෙන් ද උද්ඝෝෂණ පවත්වන බව ජාතික ජන බලවේගය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්