රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කර තිබේ.
අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත්තේ රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින් වෛද්‍යවරුන් පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සමක් විභාග කරමිණි.
මෙම පෙත්සම සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ඒ. මරික්කාර් විසින් විභාග කර තිබිණි.
809










