කාන්තා හා ළමා අමාත්‍යංශ වැය ශීර්ෂය මගින් ප්‍රතිපාදන කපාහැරීමට විරෝධය පළකරමින් පසුගිය 04 වනදා ජාතික ජන බලවේගයේ කාන්තාවන් විසින් පොල්දූව මංසන්ධියේ පැවත් වූ විරෝධතා උද්ඝෝෂණයට පෙලාසිය විසින් සිදු කළ පහරදීමට එරෙහිව අද (15) පෙරවරුවේ එම කාන්තාවන් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ, නීතිඥ නිමලා සිරිවර්ධන, නීතිඥ චමිලා කුලසේකර, නීතීඥ මධූ කල්පනා ඇතුළු පිරිසක් එක් වී සිටියෝය.
පොලිසිය විසින් සිදු කළ බාධා කිරීම නිසා මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශයට පත් කරන ලෙස මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
602










