බැරිම තැන පොලිස්පති රීලෝඩ් එපා කියයි

බැරිම තැන පොලිස්පති රීලෝඩ් එපා කියයි

වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නමුත් නව පොලිස්පතිවරයෙකු පත් කරගැනිමේ පවතින අර්බුදය හේතුවෙන් අවස්ථා ගණනාවකදී සේවා දිගුවලට මුහුණ දුන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යළි එම ධුරය භාර නොග සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 03ක් ලබා සිටියේය. ඉන් එක් සේවා දිගුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් අනුමත කළ අතර අනෙක් සේවා දිගු දෙකම ජනාධිපති විසින් ලබා දී තිබිණි.

එලෙස පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දෙන අතරතුර කාළයේ එක් අවස්ථාවක වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන කටයුතු කළ බවටද මාධ්‍ය වාර්තා පල වී තිබිණි.

අද (25) සිට තමන් පොලිස්පති සේවයට සමු දී විශ්‍රාම ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට දුරකථන ඇමතුම් ලබාදී පොලිස්පති සී.ඩී වික්‍රමරත්න දැනුම් දී ඇතැයිද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානමක් තිබෙන බවද මේ අතර පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්