පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති අලි වැට පිළිබඳ මහාචාර්ය රංජිත් බණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීතේ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගෙ මූලිකත්වයෙන් පැවැත්වීමටත් පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මෙය කෝප් කමිටුවේ සභාපති අලි වැට පිළිබඳ මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව කළ යුතු බවටද කතානායක මහින්ද යාපා අබේවර්ධන එහිදී ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වන තොරතුරු අනුව අනාවරණය වේ.
ක්‍රිකට් අර්බුදයෙන් පසු තාවකාලිකව නතර කෙරුණු කෝප් කමිටුවේ විමර්ශන කටයුතු උක්ත තීරණය ක්‍රියාත්මක කිරිමෙන් පසු යළි ආරම්භ කිරීමටද එහිදී එකඟත්වයට පැමිණ ඇත.
කෝප් කමිටුවේ සභාපති අලි වැට පිළිබඳ මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර බැඳියාවන් අතර ගැටුමක් පවතින හෙයින් ඔහු එම ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතුවලින් වහාම ඉවත් කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකට පසුගිය දිනවල දිගින් දිගටම පෙන්වා දුන්හ.










