යන්සාන් වාණිජ මණ්ඩලය සහ ජවිපෙ අතර හමුවක්

යන්සාන් වාණිජ මණ්ඩලය සහ ජවිපෙ අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල් මහ විරු සමරුව සහ පක්ෂයේ තවත් දේශපාලන කටයුතු කිහිපයක් සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහ දකුණු කොරියාවේ කියොන්ග්නම් පළාතේ යන්සාන් වාණිජ මණ්ඩලයේ සභාපති පැක් බයුන්ග් ඩී (pak byung dae) ඇතුළු නිලධාරීන් අතර හමුවක් පසුගියදා පවත්වා තිබේ.

යන්සාන් වාණිජ මණ්ඩලය මගින් ප්‍රධාන සමාගම් 5,000ක පමණ ප්‍රමාණයක් සම්බන්ධිකරණය සිදු කරනු ලබයි.

එම හමුවේදී ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික තත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති අතර රටක ආයෝජනය සදහා දේශපාලන ස්ථාවරත්වයේ ඇති වැදගත්කම පිළිබදව එහිදී සාකච්ඡා වී තිබේ.

ලෝකයේ ප්‍රධාන රටවල් සමාගම් සමග ආයෝජන කර ඇති අතර ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව තුලත් ආයෝජන සම්බන්ධයෙන් මැදිහත් වීමට බලාපොරොත්තු වන බව ඔහු එහිසි ම සහන් කර ඇත.

ඒ වගේම තවත් රැකියා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීමටත් මෙහිදී සාකච්ඡා කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්