නීතිඥවරුන් ජනතාවගේ යහපත වෙනුවෙන් කි‍්‍රයාකරන්නේ නැත්නම්, ඇතිවන තත්වය කුමක් වේවිදැයි නීතිඥ මනෝධ්‍යා ගල්පාය ප්‍ර්‍රශ්න කරයි.
ඇය මෙලෙස ප්‍රශ්න කළේ ඊයේ (28) කොළඹදී පැවති ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව අමතමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ මනෝධ්‍යා ගල්පාය,
“මේ යුගයේ ජනතා වරමක් ලබා දී තිබෙන්නේ ජනතාවගේ සම්පූර්ණ විශ්වාසය තියලයි. ජනතාව වෙනුවෙන් පෙනී සිටින අධිකරණයේ ස්වාධීනත්වය රකින, අධිකරණයේ යුක්තිය ඉටුකරන සහ යුක්තිය ඉටුකරන බව කියැවෙන ආකාරයෙන් පෙනීමට සලස්වන රජයක් බලයේ ඉන්නේ. ජනාධිපතිතුමාගේ සිට සියලූම මැති ඇමතිවරුන් අධිකරණයේ ස්වාධීනත්වය රකිමින් කටයුතු කරන අතර, විනිසුරුවරුන්ගේ විශ‍්‍රාම වයස් සීමාව ඉහළ දමා තවදුරටත් ජනතාවට වාසි ලබාදීමට කි‍්‍රයාකරමින් සිටිනවා. අධිකරණවල ලක්ෂ සංඛ්‍යාත නඩු සංඛ්‍යාවක් ගොඩගැසී තිබෙන යුගයක උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ දැනුම සහ අත්දැකීම් උපයෝගී කරගෙන යුක්තිය පසිඳලීම වේගවත් කරන්නයි උත්සාහ කරන්නේ. ඒ කි‍්‍රයාමාර්ග හමුවේ සැකපිට ඉන්න අයත් ඇප පිට ඉන්න අයත් බොහොම කලබල වී සිටිනවා. ව්‍යවස්ථා සංශොධනයක් ගෙන එන්න පැහැදිලි ජන වරමක් සහ බලයක් ලබාදී තිබෙනවා. ජනතාවට සේවය කරන රජයක් ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න ඕනෑ. ගෙවී ගිය කාලය තුළ මේ රජයෙන් අබමල් රේණුවක තරම්වත් වරදක් අධිකරණ ක්ෂේත‍්‍රයට සිදුවී නැහැ. සැක පිට සහ ඇප පිට ඉන්න අය මේ තත්වයට බිය වීම නිසා එක ගොඩකට එකතු වී බොරුවට කෑ ගහමින් ඉන්නවා. ජනතාව ඒ බව තේරුම් අරගෙන ඉන්නවා. විශේෂයෙන්ම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීමේදී ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීම දක්වා නව පරිවර්තනයන්ට මුල පුරා තිබෙනවා. මේ පරිවර්තනය ජාත්‍යන්තර ඉහළ ප‍්‍රමිතියක් දක්වා ගෙනයන්න ඕනෑ. නීතිඥයෝ කියන්නේ දක්ෂ වෘතිකයන් පිරිසක්. උතුරේ සිට දකුණට බිහිවී සිටින නීතිඥවරුන් ජනතාවගේ යහපත වෙනුවෙන් කි‍්‍රයාකරන්නේ නැත්නම්, ඇතිවන තත්වය මොකක්ද?
පුංචි පිරිසක් මිනිසුන්ව නොමග යවන්න සිතුවත් බුද්ධිමත් ජනතාවක් නොමග යවන්න බැහැ. කොයිම අවස්ථාවකවත් මේ රජය ජනතාවට අවාසිදායක තීරණයක් නොගන්නා බව ගෙවී ගිය කාලය තුළ තහවුරු කර තිබෙනවා. ඉන්දියාවේ යාචකයන්ගෙන් පරිත්‍යාග ලබා ගන්නා තැනට බිඳවට්ටවා තිබූ අපේ රටේ ආර්ථිකය ලෝකය පිළිගන්නා දර්ශක අනුව ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය රකිමින් නීතිය සැමට ඉහළින් තිබෙන බව පිළිගනිමින් ගරු කරන ජනාධිපතිවරයෙක් ඇමති මණ්ඩලයක් සහ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත ආණ්ඩුවෙන් ගන්නා මේ තීරණය නිසා දක්ෂ විනිසුරුවරුන් ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යය සුරකින්න ලොකු මෙහෙවරක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”











