නාමල් රාජපක්ෂට එරෙහි තවත් පැමිණිල්ලක් ඔක්. 29 කැඳවීමට නියෝග

නාමල් රාජපක්ෂට එරෙහි තවත් පැමිණිල්ලක් ඔක්. 29 කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෑමිණිල්ලක් ලබන ඔක්තෝබර් මස 29 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, මෙම පැමිණිල්ල අද (30) කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

විමර්ශනවල ප්‍රගතියද ඔක්තෝම්බර් මස 29 වැනිදා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියෝග කර ඇත.

නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්