සෞඛ්‍යයෙන් අලුත් වැඩක්… ස්වේච්චා ප්‍රථමාධාර විහිදුම් බලකායක්… ප්‍රා.ලේ කාර්යාලයකට 30ක්…

සෞඛ්‍යයෙන් අලුත් වැඩක්… ස්වේච්චා ප්‍රථමාධාර විහිදුම් බලකායක්… ප්‍රා.ලේ කාර්යාලයකට 30ක්…

හදිසි ලෙඩකදී ක්ෂණිකව පිහිට වීම සඳහා සෑම ග්‍රාමනිලධාරී වසමකටම ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙකු බැගින් යෙදවීමටත් එහි මුල් අධියර ලෙසෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට තරුණ තරුණියන් 30 බැගින් යොමු කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අනතුරකට හෝ හදිසි රෝගී තත්වයකට ලක්වූ පුද්ගලයකු රෝහල් ගත කරන තෙක් නිසි ප්‍රථමාධාර ලබා දීමටත් අනතුරට ලක්වූ පුද්ගලයාට තව දුරටත් හානි නොවන සේ සුරක්ෂිතව රෝහල් ගත කිරීමත් අරමුණු කර ගනිමින් මෙම සේවාව සැපයේ. එම ශිල්පීන් ස්වේචා සේවකයන් ලෙස බඳවා ගැනීමද විශේෂත්වයකි.

“සෑම ග්‍රාම නිලධාරී වසමකටම අවම වශයෙන්, නිසි පුහුණුව ලත් තරුණ ප්‍රථමාධාර ලබාදෙන්නන් දෙදෙනෙක්” වැඩසටහනේ සමාරම්භක උත්සවය හා පළමු කණ්ඩායම සඳහා නිල වශයෙන් පුහුණුව ආරම්භ කිරීම මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී අද (30) පෙරවරු ආරම්භ වී තිබේ.

මේ අනුව මූලික අදියරේ දී දිවයින පුරා තරුණ තරුණියන් 28,000ක් රටපුරා පුහුණු මධ්‍යස්ථානෙවලදී පුහුණු කෙරෙන අතර. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික තරුණ සේවා සභාව මෙම වැඩසටහන සංවිධාන කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්