ජීවන බර දරා ගත නොහැකි බැවින් රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව අද (23) සිට සෑම දිනකම කෑම විවේකය තුළ මෙම අඛණ්ඩ උද්ඝෝෂණ මාලව පවත්වන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.
මෙම විරෝධය අද දිනයේදී දහවල් 12.00ට දුම්රිය මූලස්ථානය ඉදිරිපිට පැවති අතර හෙට දිනයේදී දහවල් 12ට රත්මලාන බෙලෙක් කඩේ හංදිය ඉදිරිපිටදී, 25 දා දහවල් 12ට ඩී.ආර්. විජේවර්ධන මාවත ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය ඉදිරිපිට හා 26 දා දහවල් 12.00ට දෙමටගොඩ දුම්රිය ස්ථානය අසළදීද මෙම උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.





66










