ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝම්බ හෙළන ලද ගොඩනැගිලිවල නටබුන් යට තිබී මළ සිරුරු 30ක් පමණ සොයාගෙන ඇති බවත් තව දුරටත්, එම සුන්බුන් අතර සිරවී ඇති පිරිස් සේවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවද පැවසේ. සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියිගය පිරිස අතර වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමයින් බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ගාසා තීරයේ අභ්‍යන්තර කටයුතු ඇමති පවසන්නේ ගාසා තීරයේ ඇති විශාලතම සරණාගත කඳවුරු අටේ නේවාසික ගොඩනැගිල්ලකට ඉරිදා සවස (22) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය එල්ල කෙරුණු බවය.
මේ අතර උතුරු ගාසා හි ඉන්දුනීසියානු රෝහලේ අධ්‍යක්ෂ අල් ජසීරා වෙත පවසා ඇත්තේ තමන් ඖෂධ සහ වෛද්‍ය උපකරණවල උග්‍ර හිඟයකින් පෙළෙන බවය.
මේ වනවිට ගාසා තීරයේ මිය ගිය සංඛ්‍යාව 4,651ක් දක්වා ඉහළ ගොස් බව සඳහන් වේ.










