විශ්වවිද්‍යාල අයදුම්පත් භාරගැනීම අවසන් දිනය අද

විශ්වවිද්‍යාල අයදුම්පත් භාරගැනීම අවසන් දිනය අද

මෙවර, 2022/23 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල අයදුම්පත් භාරගැනීම අදින් (05) අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාරදීම සඳහා පසුගිය සැප්තැම්බර් 14 දින සිට සති තුනක කාලයක් ලබා දුන් බවද එම කොමිසම සඳහන් කරයි.

ඒ අනුව අදින් පසු යළි අයදුම්පත් භාර ගැනීම දීර්ඝ නොකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්