බිබිල ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදන්

බිබිල ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදන්

පරිවාස දෙපාර්තමෙින්තුවේ අධීක්ෂණය යටතේ පවතින බිබිල ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා නිවාසයක සිටි 16 හැවිරිදි දැරියන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි වාර්තාවේ.

එම බාලිකා නිවාසයේ සහකාර පාලිකාව මෙම දැරියන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් බිබිල පොලිසියට පැමිණිලිකර තිබේ.

මෙම දැරියන් දෙදෙනා ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගනුම ලබන අතර එම පාසලේ විදුහල්පති ළමා නිවාසයේ සහකාර පාලිකාවට දැනුම් දී ඇත්තේ දැරියන් දෙදෙනාගේ පාසල් බෑග පන්ති කාමරයේ දමා පාසලෙන් පිටවගොස් ඇති බවය. දැරියන් දෙදෙනා ළමා නිවාසයටද නොපැමිණිම හේතුවෙන් එම සහකාර පාලිකාව මෙි පිළිබඳව බිබිල පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.

මෙම දැරියන් දෙදෙනා පිළිබඳව මෙතෙක් හෝඩුවාවක් නැති බවත් එම දැරියන් පිළිබඳව සෙවුමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් බිබිල පොලිසිය පවසයි.

Facebook
Twitter
LinkedIn