ජනප්‍රිය නළු විජේගේ දියණිය සියදිවි නසාගෙන

ජනප්‍රිය නළු විජේගේ දියණිය සියදිවි නසාගෙන

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පියෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකුද වන විජයි ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, චර්ච් පාර්ක් පාසලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති ඇය චෙන්නායි, තේනාම්පෙට් හි පිහිටි නිවසේ දී ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි නසාගෙන ඇති බවය.

ඊයේ (18) රාත්‍රියේ නින්දට යාමෙන් පසු ගෙළ වැළලාගෙන සිටින බව අද (19) අළුයම දැක ඇති අතර විජයි ඇන්ටනී විසින් ඇයව මෝටර් රථයකින් මයිලාපූර්හි කාවේරි රෝහලට රැගෙන ගොස් ඇති නමුත් ඒ වනවිටත් මියගොස් සිට ඇති බව වෛද්‍යවරුන් විසින් වාර්තා කර ඇත.

Facebook
Twitter
LinkedIn