රාජ්‍ය සේවක වැටුප ඒකක 75කින් කපලා

මේ වනවිට ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ක්‍රියාවලියේ දරුණු ප්‍රතිවිපාක රාජ්‍ය සේවකයන් හට අත්විඳීමට සිදුවී තිබෙන අතර ඔවුන්ගේ මාසික වැටුපෙහි මූර්ත අගය ඒකක 58.3 දක්වා දෛනික කම්කරුවන්ගේ වැටුපටත් වඩා දරුණු ලෙස බිඳ වැටී ඇති බව මහ බැංකු වාර්තාවලින් අනාවාරණය වේ.

පසුගිය වසරේදී රාජ්‍ය සේවකයන්ගේ නාමික වැටුප ඒකක 133.1ක්ව පැවති අතර එම වසර අවසන් වනවිට මූර්ත අගය ඒකක 65.4ක් වී තිබූ අතර මෙම ජූනි මස අවසන් වනවිට නාමික වැටුප එසේම පවතිද්දී මූර්ත වැටුප ඒකක 58.3 දක්වා දරුණු ලෙස කඩා වැටිනි. එම දත්ත අනුව නාමික ඒකකයේ සිට මූර්ත ඒකකය දක්වා ඒකක 74.8කින් රාජ්‍ය සේවක වැටුප් බිඳ වැටී ඇත.

මේ අතර අවිධිමත් අංශයේ, එනම් දෛිනක කුලී පදනම මත වැඩ කරන කම්කරුවන්ගේ මූර්ත වැටුප පවා ඒකක 82.1ක ඉහල මට්ටමේ පවතී.

Facebook
Twitter
LinkedIn