ඉන්දියාව සහ කැනඩාව ප්‍රබල රාජතාන්ත්‍රික ගැටුමක

ඉන්දියාව සහ කැනඩාව ප්‍රබල රාජතාන්ත්‍රික ගැටුමක

කැනඩාවේ පුරවැසිභාවය ලබා සිටි සික් ජාතිකයෙකු ඝාතනය කිරීමට ඉන්දීය රජය ඍජුව සම්බන්ධ බව ජස්ටින් ටෲඩෝ චෝදනා කිරීමත් සමඟ දෙරට අතර බරපතළ රාජතාන්ත්‍රික ගැටුමක් ඇති වී තිබේ.

පසුගිය ජූනි මස 18 වෙනිදා හරිද්ක් සිං නෙජාහ් නැමැති කැනේඩිියානු පුරවැසි සික් ජාතිකයාට අයත් දෙවොල අසලදීම ඝාතනය කර තිබීම මෙම රාජ්‍යතාන්ත්‍රික ගැටුමට මූලික වී ඇත. කැනඩා අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ එම ඝාතනයට ඉන්දීය රජය සම්බන්ධ බව තම ඔත්තු සේවා විසින් ඉතා හොඳින් තහවුරු කර ගෙන තිබෙන බවය. මේ පිළිබඳව ඉන්දියාවේ පැවති G20 රටවලට අයත් රාජ්‍ය නායක සමුළුවේදීද ඉන්දීය අගමැතිවරයා සහ කැනඩා අගමැතිවරයා අතර බරපතළ උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.

කැනඩාවේ සිටින ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් එරටින් නෙරපා හැරීමට කටයුතු කළ අතර එයට එකට එක කිරීමක් ලෙස දිල්ලියේ සිටින කැනඩා රාජ්‍යතාන්ත්‍රිකයන් දින 5ක් තුළදී රටින් පිටවිය යුතු බව ඉන්දියාව දන්වා තිබිණි. ඊට අමතරව ඉන්දීය සහ කැනඩා නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීමටද ඉන්දියාව ක්‍රියාකර ඇත.

ඉන්දීය රජයේ මෙහෙයුම මත විදේශීය රටකදී පුද්ගල ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාත් සමඟ ලබන වසරේ පැවැත්වීමට නියමිත එරට මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයේ ප්‍රචාරක කටයුතු සඳහා එය කෙසේ යොදා ගනීදැයි ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn