රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත නැවත වරක් ගැසට් කර තිබෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ අධිකරණ ගණනාවක ස්වාධීනව කටයුතු කරන විනිසුරුවරුන් ගණනාවකට දේශපාලන පළිගැනීම් ස්ථාන මාරු ලබාදීමේ සූදානමක් පවතින බව තොරතුරු වාර්තා වෙමින් පවතී.
අධිකරණ විනිසුරුවන් සම්බන්ධයෙන් මේ වනවිටත් පොහොට්ටුව ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී විවිධ වෛරී ප්‍රකාශ සිදුකර තිබේ. ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයට ඍජුවම බලපාන වෛරී ප්‍රකාශ ද සිදු කරමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ප්‍රකාශ කරනු ලැබීය.
මෙවැනි පසුබිමක ආණ්ඩුවේ පීඩනය නොතකා ස්වාධීනව කටයුතු කරන අධිකරණ විනිසුරුවරුන් ගණනාවක් නුදුරේදීම දේශපාලන පළිගැනීම් ස්ථාන මාරු ලබාදීමට නියමිත බව ප්‍රකාශ වී ඇත.
318










