බිමල් රත්නායක, ඉතාලියේ ප්‍රධාන වෘත්තිය සමිති සහ වමේ සංවිධාන නියෝජිතයින් හමුවෙයි

බිමල් රත්නායක, ඉතාලියේ ප්‍රධාන වෘත්තිය සමිති සහ වමේ සංවිධාන නියෝජිතයින් හමුවෙයි

ඉතාලියේ වෙසෙන ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාතික ජන බලවේගයේ සමුළු ඇමතීම සඳහා එහි ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක ඉතාලියේ ප්‍රධාන වෘත්තිය සමිතියක් වන USB සහ වාමාංශික සංවිධානයක් වන Rete dei Comunisti නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබේ.

ඊයේ (18) මෙම හමුව පවත්වා ඇත්තේ රෝමයේ USB වෘත්තිය සමිති මුලස්ථානයේදීය.

එම අවස්ථාවට USB වෘත්තිය සමිතියේ විදේශ අංශයේ Pierpaolo Leonardi, USB වෘත්තිය සමිතියේ විදේශ අංශයේ Nicoletta Testa, සහ Rete dei Comunisti සංවිධානය වෙනුවෙන් Alessandro Perri සම්බන්ධ වී තිබේ.

මෙහිදී දෙරටේ වෘත්තිය සමිති ව්‍යාපාරය සම්බන්ධව, ශ්‍රී ලංකාවේ දේශපාලනය තත්වය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මර්දනය, මැතිවරණ නොපැවැත්වීම ගැන, ඉතාලියේ වැඩ කරන ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණ දෙන වෘත්තිය ගැටළුවලදී USB වෘත්තිය සමිතියේ සහය ලබාගැනීම සම්බන්ධව සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ සේවය ලබාගැනීමේදී සිදු වන ප්‍රමාදයන් සහ අක්‍රමිකතා නැවැත්වීමට ගත හැකි ඒකාබද්ධ ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

එම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සුදත් අධිකාරීද එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn