රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන්ට බන්දුල ගුණවර්ධන බැට දෙයි

රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන්ට බන්දුල ගුණවර්ධන බැට දෙයි

ඇමති බන්දුල ගුණවර්ධන මේ වනවිට දිගින් දිගටම රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් ඉලක්ක කර ගෙන ඔවුන් ආර්ථිකයට බරක් බව තහවුරු කිරීමට කරුණු දක්වමින් සිටී.

අද (19) දිනමිණ පුවත්පතේ මෙයට අදාළ තවත් ප්‍රවෘත්තියක් “රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ගෙවූ පසු බදු ආදායමම ඉවරයි – ඉතිරි වැඩ කර ගන්නේ කොහොමදැයි අනතුරුව සෙවිය යුතුයි” යන සිරස්තලයෙන් පළ කර තිබේ. ඇමති බන්දුල ගුණවර්ධන අවධාරණය කර තිබෙන්නේ 2022 වසරේදී රුපියල් බිලියන 1,751ක බදු ආදායමක් ලැබූ බවත් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාමික වැටුප් ගෙවීමට රුපියල් බිලියන 1,265ක් වැය වූ බවත් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර 5ක ධුර කාලයක් සම්පූර්ණ කිරීමෙන් විශ්‍රාම වැටුප් ඇතුළු සියලු වරප්‍රසාද ලබා ලන්නා අතර හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ද විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබාදීමට මහජන ධනය වැය කිරීම පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකිරීමට ඇමති බන්දුල ගුණවර්ධන ප්‍රවේසම් වේ.

මෙවැනි දත්ත ඉදිරිපත් කරන අතර රාජපක්ෂ කල්ලිය සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අනෙකුත් පිරිස එකතු වී රාජ්‍ය ආදායම් කොලල්කෑමත්, විශාල ණය ලබා ගනිමින් කොල්ලකෑමත් අමතක කර දමා තිබේ. මෙම ණය වෙනුවෙන් අති විශාල පොලියක් ගෙවීමට සිදු වී ඇත. මෙම වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් කෝටි 40,923ක් වැය වී තිබූ අතර පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි 81,897ක් වැය වී තිබිණි. එම කාලයට අදාළව රජයේ මුලු ආදායම රුපියල් කෝටි 82,007ක් ය.

Facebook
Twitter
LinkedIn