ආසියානු කුසලානය පරාජය ගැන අපටත් දුකයි – වන්නිල ඇත්තෝ

ආසියානු කුසලානය පරාජය ගැන අපටත් දුකයි – වන්නිල ඇත්තෝ

ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට ලැබූ පරාජය තමන් ඇතුළු ආදිවාසී ජනතාවටත් දුකක් බව ආදිවාසී නායක වන්නිල ඇත්තෝ පවසති.

ආදිවාසී නායකයා මේ බව පවසා සිටියේ මෙම පරාජය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

“මේ තරගය පිළිබඳ ආදිවාසී ජනතාවගේත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. උත්සාහ ගත්තොත් පරදින්නේ නැහැ. අනික පරාජය වුනාට පසු දැන් ඉතින් විවිධ කතා ගොඩනැගෙනවා.

බලාපොරොත්තුව ගිලිහී ගියා. තරගයකදී ජය වගේම පැරදුමත් බලාපොරොත්තු වෙන්න ඕනෑ.

දැන් ඉතින් පරාජය වීමට එක එක හේතු ඉදිරිපත් නොකර ඉදිරි තරගවලට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල උත්සාහ ගත යුතුයි.” යැයිද වන්නිල ඇත්තෝ එහිදී වැඩිදුරත් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn