පිස්සු පූසා කොමිසම අධිකරණ නියෝග නොතකා හැරීම ගැන ශානිගේ නිතිඥයාගෙන් චෝදනා

පිස්සු පූසා කොමිසම අධිකරණ නියෝග නොතකා හැරීම ගැන ශානිගේ නිතිඥයාගෙන් චෝදනා

පළවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කර තිබූ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයන් හට අභියාචනාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසි නොතකා හැරීමෙන් අධිකරණ ක්‍රියාවලිය අවභාවිතා කර ඇති බවට චෝදනා ඉදිරිපත් කර තිබේ.

මෙම චෝදනාව ඉදිරිපත් රකනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් විභාය කිරීම සඳහා ඊයේ (18) නැවත කැඳවා තිබූ අවස්ථාවේදී ය. එහිදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අස්ථික දේවේන්ද්‍ර විනිසුරු මඩුල්ල ඉදිරියේ ඒ බව සඳහන් කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති කොමසාරිස් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සහ දයා චන්ද්‍රසිරි ජයතිලක, චන්ද්‍රා ප්‍රනාන්දු යන කොමසාරිවරුන්ගෙන් සමන්විත විය. එම කොමිසම “පිස්සු පූසා කොමිසම” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය.

මෙම පෙත්සම ඔක්තෝබර් 11 වෙනි දින යළි විභාගයට ගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn