ඡන්ද හැකිළීම රනිල් සමග ගේම් ගැසූ මහින්ද සිරිවර්ධනට ආපිට කැරකෙයි

ඡන්ද හැකිළීම රනිල් සමග ගේම් ගැසූ මහින්ද සිරිවර්ධනට ආපිට කැරකෙයි

පසුගිය මාර්තු 09 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කුමන්ත්‍රණකාරී ලෙස දින නියමයක් නොමැතිව කල් දැමීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මූලික වී ක්‍රියා කළ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව වජිර අබේවර්ධන ඇතුළු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගෝලයන්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ.

රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පවතින තේරීම කාරක සභාවේදී මන්ත්‍රී වජිර අබේවර්ධන අදාල චෝදනා එල්ල කරනු ලැබීය. වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමග එක්ව රට බංකොලොත් බව ප්‍රකාශ කර විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම සඳහා කිසිදු බලයක් එම දෙදෙනාට ලබා දී නැති බව මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

එම පාර්ලිමේන්තු කමිටුවේදී වැඩිදුරටත් මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කළේ විදේශයක සිට ගෙන්වා ගනු ලැබූ මෙම දෙදෙනාගේ ක්‍රියාකලාපය පිළිබඳව බුද්ධ අංශ යොදවා පරීක්ෂා කළ යුතු බවය.

Facebook
Twitter
LinkedIn