ජාතික රූපවාහිනියේ අයි නාළිකාව බදුදීමේදි පාරදෘශ්‍යභාවයක් නොමැති බව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ඔහුගේම කැබිනට් පත්‍රිකාවක සඳහන් කර තිබීම ගැන ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක නැගූ ප්‍රශ්නවලට පිළිතුරුදීම වෙනුවට එම ඇමතිවරයා වෙනත් කතා කියමින් අවසානයේ 88/89 සිදුවීම් පිළිබඳව ද පටලවාගෙන පාර්ලිමේන්තුවේදී ආවේශයෙන් කටයුතු කරනු ලැබීය.
මුලදී බදු දීමක් සිදුවී නැති බවත්, කුලී පදනමින් එය ලබාදී ඇති බවට කරුණු දැක්වූ අතර ඉන් පසුව අමාත්‍යංශ ලේකම්වරයා කුලිය සහ බදු පිළිබඳ අනවබෝධයකින් කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බව ප්‍රකාශ කරමින් අමාත්‍යංශ ලේකම්වරයා පාවා දුන්නේ ය.
එහෙත් කැබිනට් පත්‍රිකාවේ වගකීම දරන්නේ අමාත්‍යංශ ලේකම් නොව ඇමතිවරයා බවත්, එයට අත්සන් තබා තිබෙන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බවත් එම පත්‍රිකාවේ පැහැදිලිවම අදාළ බදු දීමේදී පාරදෘශ්‍යභාවයක් නැති බව සඳහන් කර තිබෙන්නේ යැයි එය උපුටා දක්වමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා කරුණු දැක්වීය. එයට පිළිතුරු නොදී විවිධ වාචලකම් දොඩවමින් ප්‍රශ්නය මඟහැර යාමට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අද (22) පාර්ලිමේන්තුවේදි ක්‍රියා කරනු ලැබීය.










