රනිල්, මෛත්‍රී හවුල් ආණ්ඩුව සමයේ රාජපක්ෂලා සහ රනිල් අතර පැවති දැඩි සම්බන්ධතාවය පිළිබඳව මෙතෙක් හෙළිවී නොතිබුණු සාක්ෂියක් උදයංග වීරතුංග විසින් පසුගිය 20 වෙනිදා ඉරිදා මව්බිම පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකදී හෙළිකර තිබේ.
එම පුවත්පතේ මාධ්‍යවේදී තිස්ස කොරතොට නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙයට අදාළ කරුණු උදයංග විසින් ඉදිරිපත් කර තිබේ. “මං හෙට වගේ ලංකාවට යන්න හදනකොට අද මට කෝල් එකක් එනවා එතකොට අභ්‍යන්තර ඇමති ජෝන් අමරතුංගගෙන්. උදයංග ලංකාවට එන්න එපා. මේ ගොල්ල ඔයාව අත්තඩංගුවට ගන්න යන්නේ. මට උදව් කරන්නත් බෑ. ටික දවසක් රට ඉන්න කියලා. එයා මාත් එක්ක විශේෂ යාලුකමක් තිබුණා. රුසියාවේ ආපු වෙලාවක මං ගොඩක් උදව් කළා” වශයෙන් මේ සම්බන්ධතා හෙළිකර තිබිණි.
2,310










