අපේ රටේ කෘෂිකර්ම ඇමති කියන කතාව

අපේ රටේ කෘෂිකර්ම ඇමති කියන කතාව

. ඉන්දියාව සහල් අපනයනය නතර කළා
. සහල් ආනයනයට සල්ලිත් නැහැ
. අපිට ආහාර සංචිතයකුත් නැහැ
. දැන් පවතින නියඟය තවත් දරුණු විය හැකියි
. රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවෙිවි
. මටනම් හිතාගන්නවත් බැහැ

දැනට පවතින නියඟ තත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නයද අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.

දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා තිබෙන බවද ඊට මුහුණ දීම සඳහා ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දැමු බවද ඔහු පෙන්වා දෙයි.

මෙවැනි තත්වයක් තුළ මෙතෙක් ලංකාවට සහල් අවශ්‍ය වුවහොත් ආනයනය කළේ ඉන්දියාවෙන් බව පෙන්වා දෙන කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීම පවසන්නේ ඉන්දියාව සහල් අපනයනය නවතා ඇති නිසා ඉන්දියාවෙන් සහල් ලබා ගැනීමේ හැකියාවක්ද නැති බවය. කෘෂිකර්ම ඇමති පවසන්නේ ඉන්දියාවෙන් ගෙන්වා ගන්නට හැකියාව ඇතත් සහල් ආනයනය කිරීමට ප්‍රමාණයත් මුදල් මේ අවස්ථාවේ රට තුළ නැති බවය. රටේ මේ වනවිට ආහාර සංචිතයක්ද නැතැයි පවසන ඇමති මහින්ද අමරවීර තව දුරටත් පවසන්නේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොග රජය සතුව නැති බවය.

ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සුන් ආහාර හිඟයට කොහොම මුහුණ දේවිදැයි තමන්ට “හිතාගැනීමටවත්” නොහැකි බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසයි.

තවමත් දිස්ත්‍රික්ක දෙක තුනක හැර අනෙක් ප්‍රදේශවලට ජලය ගැටලුවක් නැති නිසා වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද ඔහු සඳහ්න කරයි.

වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී නොගත්තේ යැයි ඇමති මහින්ද අමරවීර චෝදනා මුඛයෙන් කතා කළද වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබුණු බව එම නිලධාරීහු සඳහන් කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්