මේ වනවිට මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනාවරණය කරයි.
මෙයට අමතරව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරතවූ තවත් විශාල පිරිසකටද ජීවනෝපාය අහිමි ඇතැයිද එම කාරක සභාව අනාවරණය කරගෙන තිබේ. මෙම පිසට සහන සැලසීම සඳහා ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කළ යුතුයැයිද එම කාරක සභාව නිර්දේශ කර ඇත.
මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම්වල යෙදුණු පුද්ගලයන්ට අමතරව එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ටද සිය ජීවිකාව අහිමි වී ඇතැයිද එම පාර්ලිමේන්තු කාරක සභාව අනාවරණය කරයි.
45










