කොරියන් රට රැකියාවලින් තවත් ගැහිල්ලක්

කොරියන් රට රැකියාවලින් තවත් ගැහිල්ලක්

විදේශ රැකියා සඳහා කොරියාවට යන තරුණ තරුණියන්ගෙන් අසාධාරණය සහ අත්තනෝමතික ලෙස මුදල් අයකරගනිමින් සිටින බව වාර්තා වේ.

එම විදේශ රැකියා සඳහා පිටත්ව යන තරුණ තරුණියන්ට ශ්‍රී ලංකන් සේවයෙන්, සාමාන්‍යයෙන් රුපියල් දෙලක්ෂ හැත්තෑ හත්දහසක (රු.277,000) පමණ වන ගුවන් ප්‍රවේශ පත්‍රය (Air Ticket) තම රැකියා කාඩ්පත් මගින් රුපියල් දෙලක්ෂ හැටපන්දහසක (රු. 265,000) මුදලකට මිලදී ගත හැකි නමුත් වෙනත් පුද්ගලික තැරැව්කරුවන්ගෙන් (ඒජන්සිකරුවන්ගෙන්) වැඩි මිලට මිලදී ගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් බල කරමින් තිබෙන බව වාර්තා වේ.

එසේ වෙනත් පුද්ගලික තැරැව්කරුවන්ගෙන් මිලදී ගන්නා ගුවන් ප්‍රවේශ පත්‍රයක (Air Ticket) මිල රුපියල් තුන්ලක්ෂ දහනවදහස් අටිසියයක් (රු. 319,800ට) පමණ වන බවත් වාර්තා වේ.

අවම වශයෙන් රුපියල් කොරියන් රැකියා සඳහා පිටත්ව යන තරුණ තරුණියන්ගෙන් එක ගුවන් ප්‍රවේශ පත්‍රයකින් රැපියල් 60,000ක පමණ මුදලක් අයකරමින් සිටින බවද පැවසේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවතින්නේ කම්කරු සහ විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර යටතේය.

Facebook
Twitter
LinkedIn