රුපියල තවත් කඩා වැටෙයි

රුපියල තවත් කඩා වැටෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව අද (24) වනවිට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල තවත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව පසුගිය 17 වනදා සිට අද දිනය දක්වා වූ සතිය ඇතුළුත රුපියල් 07කට වැඩි අගයකින් රුපියල අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රු. 321.10ක් ලෙසත් විකුණුම් මිල රු 334.55ක් ලෙසත් නිවේදනය කර තිබේ.

එය පසුගිය 17 වනදා නිකුත් කර තිබූ දෛනික විනිමය අනුපාතිකය අනුව ගැනුම් මිල රුපියල් 313.29ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 327.16ක් ලෙසත් සටහන් වී තිබිණි.

ඒ අනුව මෙම සතිය තුළ ගැනුම් මිල රුපියල් 7.81කිනුත් විකුණුම් මිල රුපියල් 7.39කිනුත් අව ප්‍රමාණය වි ඇත.

පිලිගත් ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයන් සහ පිලිගත් ජාත්‍යන්තර මූල්‍ය දත්ත විශ්ලේෂක සමාගම් පවසන්නේ මෙම වසර අවසන් වනවිට මෙරට රුපියල තවදුරටත් දරුණු කඩාවැටීමකට ලක්වන බවය.

Facebook
Twitter
LinkedIn