තරුණියකට අතවර කළ අක්කරපත්තුව හිටපු නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

තරුණියකට අතවර කළ අක්කරපත්තුව හිටපු නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

රාජ්‍ය නිලධාරිනියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ලිංගික අතවර කිරීම සහ බලය අයුතු ලෙස භාවිත කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සකි අතාවුල්ලා සැප්තැම්බර් 01 වැනිදා දක්වා වැඩිදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 19 වනදා නියෝග කර තිබේ.

අක්කරපත්තුව මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ සකි අතාවුල්ලා එහි සේවය කළ අක්කරපත්තුව රජයේ නිලධාරිනියක සමඟ විවාහ වන බවට පොරොන්දු වෙමින් ඇයව අපයෝජනය කළ බවට චෝදනා කරමින් අදාළ කාන්තාව මෑතකදී ෆේස්බුක් සජීවී විකාශනයක් හරහා යුක්තිය ඉල්ලා සිටියාය.

සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාව අම්පාර ළමා හා කාන්තා කාර්යාංශයටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණාය. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී සකි අතාවුල්ලාව අම්පාර කොට්ඨාස කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂික දයානි ගමගේ ප්‍රමුඛ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිනි.

එහිදී ඔහු පසුගිය 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර 19 පෙරේදා ඔහු යළි අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවතත් මෙසෙල රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Facebook
Twitter
LinkedIn